Sat. Jun 28th, 2025

වත්කම් අරන් එන්න : මැතිවරණ කොමිසම කියයි

2024 නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට තරග කරන සියලුම අපේක්ෂකයන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියාසිටියේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් තම වත්කම් ප්‍රකාශන නාමයෝජනා පත්‍ර සමඟ ඉදිරිපත් කළ යුතු බවයි.

මේ අතර ජාතික ලැයිස්තු නාමයෝජනා අපේක්ෂා කරන්නන් ද තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *