මෙම වසර අවසන් වීමට පෙර බදු ගෙවන්නන් විසින් ගෙවිය යුතු බදු අයකර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එසේ බදු ගෙවීම පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීම මෙන්ම දේපොළ පවරා ගැනීමටද බලය තිබෙන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.
කෙසේ වෙතත් බදු අයකර ගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්නා ලෙස ජනතාවට දෙනුම් දෙන බවත් කිසි විටෙක හිඟ බදු මුදල් චෙක්පත් හෝ මුදල් ලෙස ලබා නොදෙන ලෙසත් දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එන්.එම්.එන්.එස්.බී. දිසානායක පවසනවා.