Sat. Jun 28th, 2025

ජොන්ස්ටන්ට තුවක්කු 08ක් දීලා!

Oct7,2024 #2024 #news #police #slpolitics

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පා.ම. ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබා ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසනවා. ඒ අතර පිස්තෝල කිහිපයක්, රිපීටර් වර්ගයේ ගිනි අවි කිහිපයක් ද ඇතුළත් බව සඳහන්.

ජොන්ස්ටන්ට අමතරව ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති ගිනි අවි 9ක් ද හිටපු ජනපති මහින්දගේ පුත්‍ර යෝෂිත ගිනි අවි 07ක් ද ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා.

පසුගිය දා රාජ්‍ය ආරක්ෂ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පුරවැසියන් වෙත නිකුත් කර තිබෙන ගිනි අවි නැවත ලබා දෙන ලෙසයි. සමාලෝචනයකින් පසුව නැවත ගිනි අවි නිකුත් කරන බවයි ඔවුන් පවසා තිබුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *