පක්ෂයෙන් ආරාධනාවක් ලැබෙන්නේ නම් ඉදිරි මැතිවරණය වෙනුවෙන් තමා තරඟ කිරීමට සූදානම් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසනවා.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති බව ද පැවසූ ඒ හිමියෝ තමන් පෙර ආණ්ඩුවෙන් කිසිදු තනතුරක් ලබා ගෙන නැති බැවින් රටින් පලා යෑමට කිසිදු වුවමනාවක් නැති බවයි. හිමියන් එසේ පැවසුවේ ජනපතිවරණයෙන් පසුව විදෙස්ගත වූ බවට පළ වූ වාර්තා පිළිබඳව අදහස් දක්වමින්.
සද්ධාතිස්ස හිමි මේ අදහස් පළ කරනු ලැබුවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
සද්ධාතිස්ස හිමි පසුගිය ජනපතිවරණයේදී නාමල් රාජපක්ෂගේ වේදිකාවේ ප්රබල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.