ඉදිරි මහමැතිවරණය සඳහා ප්රවීණ නළු කමල් අද්දරආරච්චි වෙත ජාතික ජනබලවේගයේ නාම යෝජනා නොලැබෙනු ඇතැයි පැවසෙනවා.
පසුගිය ජනපතිවරණයේදී අනුර කුමාර දිසානායක වත්මන් ජනපතිවරයාගේ ජය වෙනුවෙන් සහය පළ කළ කමල් පසුගිය දා කියා සිටියේ ජනතා සේවය වෙනුවෙන් තමා මාලිමාවෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවයි.
කෙසේ වෙතත් මේ දිනවල ජාතික ජනබලවේග පක්ෂයේ නාම යෝජනා සැකසෙනමුත් කමල්ගේ නම ඊට ඇතුළත්ව නැති බවයි පැවසෙන්නේ.
පසුගිය ජයග්රහණය සමඟින් රටේ මතුව ඇති දේශපාලන තත්වය සමග ජාතික ජනබලවේගය පක්ෂයෙන් නාමයෝජනා ලබා ගැනීමේ තරඟයක් උද්ගතව ඇති බවද වාර්තා වෙනවා.