එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරෙමුණෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා.
නිමල් සිරිපාල මහතා පවසා ඇත්තේ එම පාර්ශවයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බවයි.
ඒ අනුව අත සලකුණෙන් දේශපාලනයේ නිරත වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙලෙස මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග වැදීමට නියමිතයි.