රජයේ සංස්ථා සහ මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම් දී තිබෙනවා.
දැනටත් එම බොහෝ ආයතනවල ප්‍රධානීන් ඉවත්ව ගොස් ඇතත් සමහර ආයතන ප්‍රධානීන් තවදුරටත් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු, කාන්තා ළමා හා තරුණ කටයුතු, ක්‍රීඩා, වෙළෙ වාණිජ ආහාර සුරක්ෂිතතා සමුපකාර සංවර්ධන කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන, සෞඛ්‍ය යන අමාත්‍යංශ යටතේ පවතින ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්‍ත්‍රී එම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා.