Sat. Jun 28th, 2025

පුරවැසියන්ට නිකුත් කළ ගිනි අවි නැවත කැඳවයි!

Oct5,2024 #news #police

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලුම ගිනිඅවි සහ පතරොම් නැවත ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශ්‍ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එලෙස නිකුත් කර ඇති ගිනි අවි සහ පතරොම් නොවැම්බර් 7 වැනි දාට පෙර නැවත ආරක්ෂක අමාත්‍යංශය වෙත භාර දිය යුතු වෙනවා.

ඒ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත්කර ඇති පතරොම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත 2024.11.07 දිනට පෙර භාරදෙන ලෙස සියළුම බලපත්‍රලාභීන් හට දැනුම්දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

දේපල ආරක්‍ෂාව / වගා හානි ආරක්‍ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා මෙය අදාල ‍නොවන බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අමාත්‍යංශය පවසන්නේ එසේ ලබා දී ඇති ගිනි අවි ලබා දුන් හේතු සමාලෝචනයකින් පසු අවශ්‍යතාව අනුව නැවත ලබා දෙන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *