ඉදිරි මහමැතිවරණයට තමා තරග නොකරන බව හිටපු ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන පවසනවා.
ඉදිරි කාලයේ තමන් ආචාර්ය උපාධියක් වෙනුවෙන් වෙහෙසීමට අපේක්ෂා කරන බවත් තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
තමන් වසර 20කට වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ බවත් විශේෂයෙන් හෝමාගම කොට්ඨාශය තමාගෙන් විශේෂ මෙහෙයක් සිදුව ඇති බවත් ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කළා.