කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවස ඉදිරිපිටට පසුගිය දා සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ කෑ කෝ ගසා බැණ වැදී තර්ජනය කර ගිය කාන්තාවකට සමාව දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇය කුරුඳුවත්ත පොලිසියට කැඳවා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වුවත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඇය මුදා හැරිය බව පොලිසිය පවසනවා.
විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබූ අතර පැමිණිලි විභාගයේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි එම කොට්ඨාසයේ වගකිවයුතු පොලිස් නිලධාරියකු හිටපු ජනාධිපතිවරයාට දුරකථන ඇමැතුමක් ගත් අවස්ථාවේ ඔහු එම කාන්තාව සමග කතා කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම කතාබහ අතරතුර කාන්තාව හිටපු ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා ඇති බව ද අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇයට සමාව දීමට කැමැත්ත ප්‍රකාශ කළ බව ද පොලිසියට කැඳවා සිටි මෙම කාන්තාව තමා කළ වරද පිළිගෙන ඇති බව ද වාර්තා වෙනවා.
කෙසේ වුවත් අදාළ කාන්තාවගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ගැනීමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා.
බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරකු වන ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයකු වත ඩඩ්ලි සිරිසේනට ද බැණ වැදී ඇති බව පොලිස් සැරයන්වරයා කළ පැමිණිල්ලේ සඳහන්ව තිබූ බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.