Sat. Jun 28th, 2025

අලි සබ්‍රි හිටපු තැනටම ගිහින්

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යළි නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර තිබෙන බව X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

‘මම අයිති ස්ථානයට නැවතත් පැමිණීමට ලැබීම සතුටක්‘ යනුවෙන් සඳහන් කරමින් නීතීඥයින් පිරිසක් සමඟ සිටින ඡායාරූපයක් ඔහු එහි  පළ කර තිබෙනවා.

ඒ අනුව අලි සබ්‍රි මහතා  එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බවත් දේශපාලන ජීවිතයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙනවා.

2015 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි අලි සබිරි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ද අධිකරණ, මුදල්, විදේශ යන අමාත්‍ය ධුරයන් දැරුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *