මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිනවා.
මෙම ප්‍රශ්න කිරීම අද හෙටම සිදුවන බව උසස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
වාර්තාවන්ට අනුව ඊට අවශ්‍ය අධිකරණමය කටයුතු ඊයේ (03) සිදු වී තිබුණා.
පොලිසියට කට්ටි පනිමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කොළඹ පිහිටි නිවෙසක ගරාජයක තිබී පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කළ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය ඉකුත් ජූලි මාසයේදී සොයාගනු ලබන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්.
ඒ සම්බන්ධයෙන් පියුමි හංසමාලි පවසා තිබුණේ එම මෝටර් රථය තමාගේ නමින් තිබුණ ද එය තමන් විසින් අලෙවි කළ එකක් බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පවරා තිබූ අතර දීර්ඝ විමර්ශනයකදී ඒ සම්බන්ධයෙන් සුවිශේෂ කරුණු රැසක් හෙළි වී ඇති බව පැවසෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් තට්ටු නිවාස කිහිපයක්, මෝටර් රථ කිහිපයක් ඇතුළු දේපොළ ගණනාවක් ද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා ගත්තා.
ඒ අතර පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර ඇති බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ද ඇති අතර සැබෑ අයිතිකරු කවුරුන්දැයි සොයා තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.