උප්පැන්න ලියාපදිංචි කර නොමැති දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්ට එවැනි දරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට පාසල්වලට ඇතුළු වීම සඳහා සහාය වනු ඇති.
මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ ද තවමත් දරුවන් රැසකට උප්පැන්න සහතික නොමැති අතර ඔවුන් දිගින් දිගටම විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව වාර්තා වෙනවා.
එබැවින් උප්පැන්න සහතික නොමැති දරුවන්ගේ මව්පියන්ට හෝ භාරකරුවන්ට ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙස දන්වා තිබෙනවා.
එම සේවාවන් නොමිලේ ලබාගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවයෙන් මෙම වැඩසටහන දියත් කළා.