Fri. Jun 27th, 2025

උසස් පෙළ ප්‍රතිඵල සඳුදාට පෙර

May29,2024

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සඳුදා දිනට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වුණි.

ඒ අනුව “අද දෙරණ” කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරමින් පවතින බවය.

ඊට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටි අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් වු බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531කි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *