Sat. Jun 28th, 2025

ජනපති අනුරගේ වහපු නිවසට ආරක්ෂාව

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මව වාසය කළ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසනවා.

අනුරාධපුරයේදී මාධ්‍ය හමුකට එක් වෙමින් ඔහු සඳහන් කළේ එම නිවස මේ වන විට වසා දමා ඇතත් ඊට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ද ගාලු මුවදොර වාහන ප්‍රදර්ශනය කිරීම මෙන්ම දේශපාලන සංදර්ශනයක් බව ද ඔහු ප්‍රකාශ කළා.

තමන්ට දේශපාලන වශයෙන් කිසිවෙකුගෙන් තර්ජනයක් නැති වුව ද බොහෝ මන්ත්‍රීවරුන්ට විවිධ තර්ජන ඇති බව ද පැවසූ ඔහු ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම රජය වගකීම බාරගත යුතු බවත් අවධාරණය කළා.  

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *