Sat. Jun 28th, 2025

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සිරිල් ගාමිණි පියතුමාගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහමොළකරු අබු හින්ද් නමින් පෙනී සිටි පුද්ගලයා බව තහවුරු වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත “පාස්කු ප්‍රහාරය, පාර රාජ්‍යය සහ නොවිසඳුණු අභිරහස්” නම් කෘතිය එළිදැක්වීමේ උත්සවය අමතමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ අබු හින්ද් නමැත්තා හෙළි කර ගැනීම ආරක්ෂක අංශවල වගකීම බවයි.

එම පුද්ගලයා කවුරුන්ද යන්න හෙළි වූ විට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු තොරතුරු හෙළි වන බවත් ඒ කිරීම සඳහා කිසිදු අයෙකුට වුවමනාවක් නොමැති බව උන්වහන්සේ මෙහිදී කියා සිටියා.

එමෙන්ම අබු හින්ද් නැමැත්තා හෙළි වුවහොත් මේ රටේ ඉන්න බොහෝ දේශපාලඥයින් හිරේ සිටිය යුතු වන අතරම ඇතැමුන්ට ගෙදරම නවතින්න සිදු වනු ඇති බව උන්වහන්සේ අවධාරණය කර සිටියා.

වැඩි දුරටත් අදහස් පල කරමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කල කමිටු වාර්තාව නීතිපති කාර්යාලයට වෙත යොමු කර තිබුණ ද එය මේ වන විට අතුරුදන් වී ඇති බවයි.

ඒ වාර්තාවේ මෙම අපරාධ සම්බන්ධ පැහැදිලි සාක්ෂි සහ තොරතුරු ඇතුළත්ව ඇති බව දැනගන්නට තිබු බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *