Sat. Jun 28th, 2025

පොහොට්ටු රැසක් දිලිත් ළඟ පිපෙයි

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණා.

ඒ කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී.

පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වූ අතර එහිදී ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණා.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර ඔහුට පක්ෂයේ උප සභාපති ධුරය හිමි වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර ඔහු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසෙ පත්කෙරුණා.

මේ අතර මව්බිම ජනතා පක්ෂයේ කටාන ආසන සංවිධායක ධුරයට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි පත්කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *