Tue. Jun 24th, 2025

ජනාධිපති මාධ්‍ය ඒකකය සමාව ඉල්ලයි

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඉකුත් දිනක නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ අනුයුක්ත කරන ලද රථ වාහන භාරදීමට අදාළ තොරතුරු ඇතුළත් වගුවේ අංක 95 යටතේ නම් සඳහන් උදය ශාන්ත ගුණසේකර යන නම උදයකාන්ත ගුණතිලක ලෙස සංශෝධනය විය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක 2024-09-23 වන දින තමා වෙනුවෙන් තාවකාලිකව නිකුත් කර තිබූ අංක PE-1580 දරණ TOYOTA HILUX කැබ් රථය නැවත ජනාධිපති කාර්යාලය වෙත භාර දී ඇති බවයි එම මාධ්‍ය අංශය සදහන් කරන්නේ.

මේ හේතුවෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ප්‍රවෘත්තියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පත්වූ අපහසුතාව පිළිබඳව එම මාධ්‍ය අංශය කණගාටු වන බව නිවේදනය කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *