Sat. Jun 28th, 2025

ADB එකෙන් AKDට කිව්ව දේ

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (01) සුබ පැතුම් පළ කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව සඳහන් කරන ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තුතිවන්ත වන බව එහි සඳහන්.

වසර ගණනාවක් තිස්සේ ආසියා සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ස්ථීර හවුල්කරුවකු ලෙස කටයුතු කර ඇති බව ද අසකාවා මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වය ඉවහල් වනු ඇති බව ද එම සුබ පැතුම් පණිවුඩයෙහි සඳහන් කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව සමඟ ඇති සහයෝගීතාව තව දුරටත් වර්ධනය කිරීමට කැප වී කටයුතු කරන බව ද ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හැකිවනු ඇති බව ද සුබ පැතුම් පණිවුඩයෙහි වැඩි දුරටත් සඳහන් වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *