ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක පැති කන්නාඩි ගැටීමෙන් ඇතිවුණු ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
දෙදෙනාගේම යතුරුපැදිවල පැති කන්නාඩි ගැටී සුළු හානි සිදුවි තිබෙන අතර එහිදී ඇති වූ බහින්බස්වීමකින් පසු කොස්තාපල්වරයා ඔහුගේ රාජකාරී හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියකු බව පවසා තිබෙනවා.
අනතුරුව දෙදෙනාම වීරගුල පොලිසිය වෙත යමින් සිටියදී නැවතත් බහින්බස්වීමක් ඇතිවී එය ගුටිබැට හුවමාරුවක් බවට පත්වී ඇති අතර පසුව දෙදෙනාම වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසනවා