Sat. Jun 28th, 2025

හිටපු මන්ත්‍රීන්ගේ පිස්තෝල ගැන තීරණයක්

Sep30,2024 #2024 #news #slpolitics

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය වහාම ආරක්ෂක අමාත්‍යංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තු සේවා අංශය විසින් එම අවි ලබාගෙන තිබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා තිබෙනවා.

පසුගිය පාර්ලිමේන්තුවේ සියයකට අධික මන්ත්‍රීවරු පිරිසක් එම ගිනි අවිය ලබාගෙන තිබු බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත තිබෙන මන්ත්‍රී දීමනා, කාර්ය මණ්ඩල දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු සහනය ද අහෝසි වී යනවා. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පමණක් නැවත ඡන්දය පැවැත්වෙන දින දක්වා භාවිතා කිරීමට අවසර දී ඇති අතර නැවත පාර්ලිමේන්තුවට පත් නොවන්නේ නම් ඒවා මැතිවරණයට පසුදිනම භාර දිය යුතු වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *