රජයේ සහ අමාත්‍යංශ සතු වාහනවල රාජ්‍ය ලාංඡනය සහ අමාත්‍යංශයේ නම මුද්‍රණය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.
වාහන අවභාවිතය වැළැක්වීම සඳහා මේ පියවර ගනු ලබන බවයි දැනගැනීමට ඇත්තේ.
කෙසේ වෙතත්, මෙයට පෙරද මේ පියවර අනුගමනය කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් එය ක්‍රියාවට නංවා නැති බවයි පැවසෙන්නේ.
නව රජය එම චක්‍රලේඛය බලාත්මක කිරීමට සැරසෙන බව වාර්තා වෙනවා.