Mon. Jun 23rd, 2025

හොරු අල්ලන හැටි හරිනි කියයි

රාජ්‍ය ආයතන වල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ආයතනිකව කමිටු පත්කරන්නේ නැති බවත්, ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කර තිබෙන බවත් අගමැතිනි හරිනි අමරසූරිය පැවැසුවා.

ඇය මේ බව සඳහන් කළේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී.

එහිදී අදහස් දැක් වූ අගමැතිනිය මෙසේ ද පැවසුවා.

“අග්‍රාමාත්‍යවරිය ලෙස මට භාරව තිබෙන සියලු අමාත්‍යංශ වල සිදුවිය යුතු සහ මෙතෙක් සිදු නොවුණ ප්‍රමුඛතා හඳුනා ගනිමින් යනවා. විශේෂයෙන් ක්‍රිඩා අමාත්‍යාංශයේදී විශේෂ කාරණා කිහිපයක් මතු වුණා. රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳව රජයක් ලෙස අපි දැඩි අවධානයෙන් ඉන්නවා. ඒ වගේම අපි වියදම් පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා උත්සව සඳහා සිදුකරන නාස්තිය අඩු කරන්න. රාජ්‍ය ප්‍රතිපාදන ලැබෙන සහ වියදම් කළ ප්‍රමාණ පිළිබද සංඛ්‍යා ලේඛන අමාත්‍යංශය සතුව තිබෙනවා. නමුත් ඒ වියදම්වල ප්‍රගතිය පිළිබඳ කිසිදු නිරීක්ෂණයක් මේ වන තෙක් කර නැහැ. වියදම් වූ මුදලින් සිදු වූ දේ පිළිබඳ කඩිනමින් අභ්‍යන්තර විගණනයක් සිදු කරන්න. රාජ්‍ය ආයතන වල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් කරන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කර තිබෙනවා.

තවත් වැදගත් කාරණයක් මෙම සාකච්ඡාවේදී ඉස්මතු වුණා. ක්‍රිඩා කටයුතුවලදී සහ රජකාරීයේදී සිදුවන හිංසන සහ අපයෝජන පිළිබඳ සොයා බැලීමට සහ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යංශයට නැහැ. ඒ නිසා මම දැනුම් දුන්නා හිංසන සහ අපයෝජන පිලිබඳ සොයාබැලීමට සහ දැනුවත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන්නත්.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *