Sat. Jun 28th, 2025

ඉබ්බෙක් නිසා වුණ හදියක්

ඉබ්බකු සන්තකයේ තබාගත් පුද්ගලයකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර රුපියල් 35,000ක දඩයක් නියම කර තිබෙනවා.

පසුව එම ඉබ්බා හික්කඩුව වනජීවී කාර්යාලය වෙත භාර දීමට ද නියෝග කළා.

මෙලෙස දඩ නියමවී තිබුණේ ගාල්ල, කැලේන ප්‍රදේශයේ පදිංචි රණේපුර හේවගේ අජිත් (47) නමැති සැකකරුවකුටයි.

පොලිස් ජංගම මුර සංචාරයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ බෑගය පරීක්‍ෂා කිරීමේදී කිලෝග්‍රෑම් හතරක් පමණ බරැති ඉබ්බා සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

තම ගෙවත්තේ ඇති පොකුණකට සතා රැගෙන ආ බව සැකකරු ප්‍රකාශ කර ඇතත් මස් පිණිස අලෙවි කිරීමට ඉබ්බා රැගෙන යමින් සිට ඇති බව වැඩිඩදුර විමර්ශනවලදී අනාවරණය වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *