හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජනාධිපතිවරණය ආසන්න දිනයක පැවැත්වූ Sports Fiesta සැණකෙලිය සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.
රුපියල් ලක්ෂ 400ක් පමණ වියදම් කර මෙම සැණකෙලිය පවත්වා ඇති බවත් සංගීත සංදර්ශන සඳහා අමතර මුදල් වැය කර ඇති බවත් අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ වෙනුවෙන් සිදු කරන ලද බොහෝ ගෙවීම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පවතින බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ.