Fri. Jun 27th, 2025

සන්නද්ධ හමුදා කැඳවමින් අති විශේෂ ගැසට්ටුවක්

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කර තිබුණා.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසුව මෙලෙස සන්නද්ධ හමුදා කැඳවමින් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ පළමු වරටයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *