Sat. Jun 28th, 2025

සරසවි සිසුවෙක් හෝමාගම ගුවන් පාලම උඩින් අධිවේගී මාර්ගයට පැන මරුට

May27,2024

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් එකයි දශම දෙක කිලෝමීටර් කණුව අසල ගුවන් පාලම මත සිට අධිවේගී මාර්ගයට පැන්න පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවකු මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිස් අධිවේගී මාර්ග කොට්ඨාසය පවසයි.

මෙම අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (25දා) ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ශරීර ඇප මත මුදාහැර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන අතුරුගිරිය වල්ගම පදිංචිව සිටි කේ.එම්. මෙනාස් නමැති 19 හැවිරිදි තරුණයෙකි.

24 වැනිදා රාත්‍රී 7.00ට පමණ මෙම සිසුවා හෝමාගම රෝහල ආසන්නයේ ගුවන් පාලම මත යකඩ වැට මතින් මාර්ගයට පනින්නට ඇතැයි පොලිසිය සැක කරයි. මාර්ගයට වැටුණු ඔහු මාතර දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටී ඇති අතර ඔහු අවසන් වරට ලියන ලද ලිපියක් ද තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි.

මොහු දිවිනසා ගත්තේද එසේත් නොමැතිනම් ඔහු පාලම මතින් ඇදවැටුණේ ද, කිසිවකු ඔහුව පාලමෙන් තල්ලු කර දැමුවේ ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *