පසුගිය රජයන් විසින් භාවිතා කරන ලද අති සුඛෝපභෝගී රථ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් යොදා ගන්නැයි ජනපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
අදාළ වාහන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසද ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ගාලු මුවදොර පරිශ්‍රයේ වාහන 107ක් ගාල් කර ඇති අතර මේවා පසුගිය ආණ්ඩු විසින් සිය හිතවතුන්ට ලබා දී තිබු ඒවා බව ජනපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල පවසනවා.
රජයේ විවිධ ආයතනවලින් වාහන 59ක් ලබාගෙන ජනපති කාර්යාලය හරහා හිතවතුන් වෙත ලබා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
වාහන ආනයන තහනම් කාලයේ පමණක් ජනාධිපති කාර්යාලයට වාහන 16ක් ගෙන්වා ඇති බවද හෙළිදරව් වී තිබෙනවා.
ජනපති ලේකම් කාර්යාලය සතුව තිබිය යුතු වාහන 833 අතරින් 29ක් මේ දක්වා අතුරුදන් වී ඇති බවද පැවසෙනවා.