Wed. Apr 30th, 2025

සහන් ප්‍රදීප් ඇයි මේ කලබලේ?

Sep27,2024 #2024 #news #slpolitics

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණු බව කියන රුපියල් ලක්ෂ 53ක මුදලක් කඩිමුඩියේ බස්නාහිර පළාත් සභාවට ගෙවා දමා තිබෙනවා.

ඔහුගේ පාවිච්චිය සඳහා එම පළාත් සභාවෙන් ලබා දී තිබූ ලෑන්ඩ් රෝවර් වර්ග‌යේ ජීප් රියක් 2022 වසරේ දී අනතුරට ලක් වූ අතර ඊට දැඩි හානි සිදුවුණා. මේ සඳහා රුපියල් කෝටි 2ක් පමණ රක්ෂණ වන්දි හිමි වූ අතර අදාළ සමාගම එම මුදල් ඔහුට ලබා දී තිබුණා. නමුත් එම මුදලින් ඔහු පළාත් සභාවට ගෙවා තිබුණේ කොටසක් පමණයි.

දේශපාලන මාරුවෙන් පසුව කඩිමුඩියේ ඔහු මේ මුදල් ගෙවා අවසන් කර ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *