Sat. Jun 28th, 2025

මානව හිමිකම් කොමිසමත් ශිෂ්‍යත්වය ගැන සොයයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඒ සඳහා ප්‍රකාශ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට (26) දිනයේ කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණු දුන් බහුතර අපේක්ෂකයින් සංඛ්‍යාවකට එමගින් සිදුව ඇති බලපෑම හා ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරින් සළකා බලන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බව පැවසෙන සිදුවිම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිවූ කරුණු මතයි.

එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වන තෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *