Sat. Jun 28th, 2025

අනුර ආරක්ෂාව, හෙලිකොප්ටර්, ගිලන්රථ ගත යුතු යි: එය නීතියක්!

Sep25,2024 #news #police #slpolitics

ජනරජයේ මුල් පුරවැසියා වන විධායක ජනපතිවරයා සඳහා ව්‍යවස්ථාපිත ආරක්ෂක වැඩපිළිවෙලක් ඇති බවත් නීත්‍යානුකූලව එය වෙනස් කරන තුරු එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවත් ජයවර්ධනපුර සරසවියේ දේශපාලන විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර පවසනවා.

ජනපතිවරයාගේ ගමන් බිමන් යා යුතු ආකාරය තීරණය කරන්නේ එම ආරක්ෂක වැඩපිළිවෙල විසින් බවත් හෙලිකොප්ටර් හෝ වෙනත් දේ අවස්ථානුකූලව ඔවුන් තීරණය කරන බවත් ඇය පවසනවා.

මෙය වෙනස් කරමින් කටයුතු කිරීම විධායකයේ අංශ භාර ප්‍රධානින්ගේ වගකීම පැහැරහැරීමක් වනු ඇති බවද ඇය වැඩිදුරටත් කියා සිටියේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *