Sat. Jun 28th, 2025

සජිත් බෑ කිව්වට සාකච්ඡා අඛණ්ඩව

මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊයේ ප්‍රකාශ කර තිබියදීත් අවසන් තීරණයක් ගැනීම සඳහා තවමත් සාකච්ඡා පැවැත්වෙන බව ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා.

රාජිත සේනාරත්න සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් සමග ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවක් පැවැත්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කියා සිටියේ සිය පක්ෂයේ සම්ප්‍රදායට අනුව කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවයි.

“ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විශ්‍රාම ගියාට පස්සේ තරග කළේ නැහැ. දිවංගත ජනාධිපති ඩී.බී. විජේතුංගත් ඒ දේ කළා. රනිල් වික්‍රමසිංහත් මේ සම්ප්‍රදාය අනුගමනය කරනවා.” යැයි ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂයේ උපදේශක කාර්යභාරයක් ඉටු කරන බව ද හිටපු මන්ත්‍රීවරු පැවසුවා.

ඉදිරි මහමැතිවරණයට තරග කිරීම සඳහා පුළුල් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා සමගි ජනබලවේගයේ සහාය ලබාගැනීමට තීරණය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පැවසුවා.

එහිදී සමගි ජනබලවේගයේ නායකත්වය මෙම පියවරට විරුද්ධ වීම නිසා කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සමගි ජනබලවේගයේ ඇතැම් පිරිස් පොදු මහා සන්ධානයකට සම්බන්ධ වීමට පක්ෂව සිටින බැවින් ඔවුන් සමඟ සාකච්ඡා කරන බවයි.

රනිල් වික්‍රමසිංහට සහාය දුන් සියලුම පාර්ශවවල සහාය තමන්ට කොහොමත් ලැබෙන බවත් ඊට අමතරව සමගි ජනබලවේගය වැනි අනෙකුත් පක්ෂ හා සංවිධානවල සහයෝගය ලබාගැනීමට තමන් අපේක්ෂා කරන බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *