මෙරට මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි තුන්දහස් අටසිය අසූ අටක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහස් හයසිය විසි හතක් සංචිත ලෙස පවතින බව හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසනවා.
පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් හිටපු ඇමැතිවරයා මේ පිළිබඳව සඳහන් කරා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් අනූදහස් නවසිය හැත්තෑ දෙකක් සහ ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් දහ අටදහස් හත්සිය විසිනවයක් මෙරට සතුව තිබෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.
ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් තිස් දහස් දෙසිය අනූපහක් රට තුළ පවතින බව ද එම X සටහනේ සඳහන්.
අදාළ පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වී ඇත්තේ සිය නිල රථය සහ අමාත්‍යාංශ කාර්යාලය ද භාරදුන් බව සහ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පතන බවයි.