ජනාධිපතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද 300,300ක් ප්‍රතික්ෂේප වූ බවයි.
එය ප්‍රතිශතයක් ලෙස 2.2% ක්.
නමුත් 2019 ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූයේ ඡන්ද 135,452 ක් පමණයි.
ප්‍රතිශතයක් ලෙස භාවිත කළ ඡන්ද සංඛ්‍යාවෙන් එය ප්‍රතිශතයක් ලෙස 0.85% ක්.
මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ එලෙස ඡන්දය ප්‍රතික්ෂේප වීමට හේතු වූ කරුණු කාරණා නිශ්චිතව හඳුනා ගැනීමට මෙම විශ්ලේෂණයෙන් අනතුරුව තහවුරු කර ගත හැකි බවයි.