Sat. Jun 28th, 2025

ලෙබනනයට බිහිසුණු ප්‍රහාර: දරුවන් කතුන් මරු තුරුළේ!

Sep25,2024 #2024 #foreign news #news

පසුගිය පැය 24 තුළ ඊශ්‍රායෙලය විසින් ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක් මුදාහැර තිබෙනවා.

සිය ගණනක් ජනතාව මිය ගොස් ඇති අතර විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව සඳහන්. දහස් ගණන් අවතැන් වී ඇති අතර එම ප්‍රදේශ මිහිපිට ඛේදවාචකයක් බවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

වාර්තා අනුව හිස්බුල්ලා ඉලක්කවලට යැයි පවසමින් ඊශ්‍රායෙලය විසින් ලෙබනනය වෙත ගුවන් ප්‍රහාර 1000ක් පමණ එල්ල කර තිබෙනවා.

මිය ගිය පිරිස අතර ළමුන් 50කට වැඩි සංඛ්‍යාවක් සහ කාන්තාවන් 100කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි පැවසෙන්නේ.

1975-1990 සිවිල් යුද්ධයට පසු ලෙබනනය අත්විඳින දැවැන්තම යුද තත්වය මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *