නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත ලොව කුඩාම කැබිනට් මණ්ඩලය මෙය වන අතර එක් අමාත්‍යවරයෙකුට වැඩිම අමාත්‍යංශ ගණනක් හිමි වූයේ ද මෙම කැබිනට් මණ්ඩලයේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය සහ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පවතිනවා.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය පවතිනවා.
විජිත හේරත් යටතේ පවතින්නේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සහ ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයයි.
අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ ලක්ෂ්මන් නිපුණආරච්චිට අමාත්‍යංශයක් හිමි වී නැහැ.