Fri. Jun 27th, 2025

පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක් : දැඩි තීරණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීමක් අද නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ පක්ෂ ප්‍රධානීන් එහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂය හැරගිය අය ආපසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත එක්කර ගන්නවාද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබුණා.

පක්ෂය හැරගිය අය බොහෝ දෙනෙකු නැවත පක්ෂය සමග එක්වීමට ඉල්ලීම් කර ඇති බවත් දූෂණ චෝදනා ඇති කිසිවකු නැවත පක්ෂයට එක්කර නොගැනීමටත් මෙහිදී සාකච්ඡා වී තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

එසේම තමන් පක්ෂයක් ලෙස එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බව ද යෝජනා වී තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *