Sat. Jun 28th, 2025

අපේක්ෂකයෝ 35කට ඇපත් නෑ!

මෙවර ජනපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 35 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන තරඟකරුවන්ගේ ඇප මුදල් පමණක් නැවත ලැබෙනු ඇති.

ඇප මුදල් නැවත ලබා ගැනීමට නම් අපේක්ෂකයෙක් ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 12.5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා.

කෙසේ වෙතත්, පසුගිය කාලයේ මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කළේ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ කොමිසමට රුපියල් කෝටියකට ආසන්න වැයක් දැරීමට සිදු වන බවයි. ඇප මුදල වන්නේ රුපියල් 75000ක ප්‍රමාණයක්. මෙම සමහර අපේක්ෂකයන් තරඟ කරනු ලැබුවේ ප්‍රධාන අපේක්ෂකයන්ට සහය පිණිස රූකඩ අපේක්ෂකයන් වශයෙනුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *