පොදුජන පෙරමුණෙන් තමා සිතු තරම් පිරිසක් තමන්ට ඡන්දය ලබා නොදුන් බව හිටපු ජනපති රනිල් වික්රමසිංහ විසින් පවසා ඇතැයි වාර්තා වෙනවා. සිය පාක්ෂිකයන් සහ හිතුවතුන් සමඟ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේදී පැවැති හමුවකදී මේ බව කියා ඇතැයි සඳහන් වුණා.
පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් තමා වෙත සහයට පැමිණිය ද ඔවුන් සමඟ ජනතාව පැමිණ නැති බව පෙනී යන බවයි හිටපු ජනපති පවසා ඇත්තේ.