යුක්තිය පිළිබඳ බලාපොරොත්තු සඵල කරමින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය මගින් අලුත් බලාපොරොත්තුවක් ඇති කර තිබෙන බව ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ප්‍රකාශ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අහිම්සා වික්‍රමතුංග කියා සිටියේ ශ්‍රී ලංකාවේ මෑතකාලීනඉතිහාසයේ සිදු වූ මානව හිමිකම් කඩකිරීමේ ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම නායකත්වය නැවුම් ඉදිරි දර්ශනයක් ගෙන එනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
“අවුරුදු 15ක් තිස්සේ අපගේ නිර්භීත හා දක්ෂ රහස් පරීක්ෂකයන් විසින් ප්‍රබල සාක්ෂි ගවේෂණය කර තිබියදීත්, බලයේ සිටි රජයන් අපේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කරන ලදි. එය රටේ දණ්ඩමුක්තියේ සංස්කෘතිය පිළිබඳ මනාව සිහිපත් කරයි. යුක්තිය පතා සිටීම සඳහා මා හට පවුල හැරදා වෙනත් රටකට යෑම හැර වෙනත් විකල්පයක් ඉතිරි කළේ නැත.”
“රාජපක්ෂ ත්‍රස්තවාදී පාලනය යටතේ බිහිසුණු අහිමිවීම්වලට ලක් වූ මගේ පියා ඇතුළු තවත් පවුල් රැසකට යුක්තිය ඉටු කරන බවට සපථ කළ අනුර කුමාර දිසානායකට අපි සුබ පතන්නෙමු. වගවීම සහ සාධාරණ ශ්‍රී ලංකාවක් සඳහා ඔහුගේ රජය සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.”