ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝලීය පුරෝකථන වේදිකාවක් වන Polymarket ඔස්සේ ඩොලර් 48,000කට වඩා වැඩි මුදලක් ඔට්ටු අල්ලා ඇති බව වාර්තා වෙනවා.
මැතිවරණවල සිට ක්‍රීඩා ඉසව්වල සිදුවීම්වල ප්‍රතිඵල මත ක්‍රිප්ටෝ මුදල් භාවිත කර ඔට්ටු ඇල්ලීමට ලොව පුරා සිටින පුද්ගලයන්ට එම වෙබ් අඩවිය ඉඩ සලසා දෙනවා.
Polymarket වේදිකාවේ ඔට්ටු ඇල්ලීම් මැතිවරණ දිනය පුරා නිතර නිතර වෙනස් වූ නමුත් සමස්තයක් වශයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය නොකරනු ඇති බවටයි වැඩි දෙනා ඔට්ටු අල්ලා ඇත්තේ.
මෙම ඔට්ටු ඇල්ලීම් වෙළඳපොළ සතියකට වැඩි කාලයකට පෙර විවෘත වූ අතර මැතිවරණ කොමිසම විසින් ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසු එය වසා දමා තිබෙනවා.