ආචාර්ය සනත් නන්දික කුමානායක නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඇති ඔහු සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධිධාරියෙක්.
ජාත්‍යන්තර වෙළෙඳාම, සංවර්ධන ආර්ථික විද්‍යාව, රේගු සේවා, මූල්‍ය අක්‍රමිකතා හා දූෂණය ආදි ක්ෂේත්‍ර පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ ගණනාවක නියැලී ඇති ඔහු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.