සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ නවසීලන්ත කණ්ඩායම ලකුණු 63කින් පරාජය කරමින්.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේදී පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 305ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 340ක් රැස් කළා.
දෙවනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 309ක් පමණයි.
ලකුණු 275ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ඉනිම ලකුණු 211කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවනි ඉනිමේදී ප්‍රභාත් ජයසූරිය කඬුලු 05ක් ලබා ගත් අතර රමේෂ් මෙන්ඩිස් කඬුලු 03ක් දවා ගත්තා.
නවසීලන්තය වෙනුවෙන් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ රචින් රවින්ද්‍ර ලකුණු 92ක් රැස් කළා.
දෙවන තරඟය සැප්තැම්බර් 26 වන දින පැවැත්වීමට නියමිතයි.