ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දී මේ මොහොතේ දිවුරුම් දුන්නා.
අද පටන් කැලැන්ඩර් වර්ෂ පහක කාලයක් සඳහා මෙරට රාජ්ය නායකයා හා සේනාධිනායකයා ලෙස අනුර කුමාර දිසානායක කටයුතු කිරීමට නියමිත වෙනවා.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති චාම් සහ කෙටි උත්සවයකින් මෙම දිවුරුම් දීම හමාර කෙරුණා.