2024 ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපතිවරයා ලෙස අද දිවුරුම් දෙන අනුර කුමාර දිසානායක උපන්නේ 1966 නොවැම්බර් 24 දිනයි.
ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සිය උපන්ගම වූ තඹුත්තේගම ප්‍රාථමික විදුහලෙන්. පසුව තඹුත්තේගම මධ්‍යමහා විදුහලෙන් උසස් පෙළ විද්‍යා-ගණිත අංශයෙන් පෙනී සිට විශ්විද්‍යාල සුදුසුකම් ලැබුවා.
අනුර ලබා ඇත්තේ විද්‍යාවේදී උපාධියකි.
1987 පටන් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටි ඔහු ශිෂ්‍යයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළා.
87-89 ජවිපෙ දැවැන්ත මර්දනයෙන් පසු නව ක්‍රියාකාරිත්වයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට 1997 වසරේදී එක් වුණා. පසුව 1998දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට නම් කෙරුණා.
ඔහුගේ පළමු ප්‍රසිද්ධ දේශපාලන ප්‍රවේශය වූයේ 1999 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ මහඇමැති අපේක්ෂකයා ලෙසින් මධ්‍යම පළාත් සභාවට තරඟ වැදීමයි.
2000 වසරේදී පළමුවරට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් කෙරුණා. 2004 වසරේ පැවැති මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අනුර වැඩිම මනාපයෙන් තේරී පත් වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ කෘෂිකර්ම, ඉඩම්, වාර්මාර්ග හා පශු සම්පත් අමාත්‍ය ලෙස කටයුතු කළා.
2014 වසරේ දී සෝමවංශ අමරසිංහගෙන් පසු ජවිපෙ නායකත්වයට පත් වූයේ අනුර කුමාර දිසානායකයි. 2019 වසරේදී පැවැති ජනපතිවරණයේදී සටනට බට අනුරට ලබා ගත හැකි වූයේ 3.16%ක ප්‍රතිශතයක් පමණයි.
2024 ජනපතිවරණයෙන් ඔහු වැඩි ඡන්ද ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනපතිවරයා ලෙස තේරී පත් වුණා.