Sat. Jun 28th, 2025

නව ජනපතිවරයා නිල වශයෙන් නිවේදනය කෙරේ

2024 ජනපතිවරණය ජයගෙන ජනපතිවරයා ලෙස පත් වූ තරඟකරුවා නිල වශයෙන් නම් කිරීම රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී දැන් පැවැත්වුණා. එහිදී ඡන්ද 5634915ක් ලබා ගත් අනුර කුමාර දිසානායක ජාතික ජනබලවේගයේ නායකයා නව ජනපතිවරයා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක නිවේදනය කරනු ලැබුවා.

රැස්ව සිටි පිරිස ඇමතූ නව ජනපති අනුර කුමාර දිසානායක කියා සිටියේ සියලු ආකාරයෙන් කඩා වැටී ඇති රට ඉදිරියට ගෙන යෑම තම අපේක්ෂාව බවයි. එසේ ම මැතිවරණ කඩිනමින් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බවත් තමන්ට ඡන්දය දුන් සහ නොදුන් ජනතාව භේදයකින් තොරව සලකා සියලු දෙනාට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම තම අපේක්ෂාව බව නව ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *