2024 ජනපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද ගණනය කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.
අපේක්ෂකයන් 40කට ආසන්න පිරිසක් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට යි. පිළිවෙලින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට දෙවැනි තැනත්, තෙවැනි තැන ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහටත් ලැබුණා.
තවමත් නිල වශයෙන් සියලු මැතිවරණ ආසනවල ඡන්ද ප්‍රමාණයන් නිල වශයෙන් ප්‍රකාශ නොකෙරුණ ද ඉහළින්ම සිටින අපේක්ෂක අනුර දිසානායක විසින් වැඩි ඡන්ද ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් ලබා ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
මේ වන විට මැතිවරණ කොමිසම විසින් දෙවැනි තෙවැනි මනාප ගණනය කිරීම අරඹා තිබුණද එය ව්‍යවස්ථානුකූලව කළ යුතුව ඇති නිසා සිදු කරනද බවත් දෙවැනි, තෙවැනි මනාපවලින් දැනට ඇති ප්‍රතිඵලයට ප්‍රබල බලපෑමක් නොවනු ඇති බවයි පැවසෙන්නේ.
මෙම ගණනය අවසන් වූ වහාම අනුර කුමාර දිසානායකගේ ජය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන බවත්, ඔහු චාම් උත්සවයක් පවත්වා හෙට දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන බවත් එම පක්ෂ ආරංචිමාර්ග ප්‍රකාශ කරනවා.
අනුරගේ පුරප්පාඩුව වෙනුවෙන් එම පක්ෂයේ ලක්ෂමන් නිපුණආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත්වෙනු ඇති. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය අගමැති ධුරයට පත් කිරීමට වැඩි ඉඩක් පවතිනවා. අමාත්‍යංශ 15ක ප්‍රමාණයක් නම් කර වගකීම් පවරා ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනු ඇති. ප්‍රකට පරිපාලන සේවකයෙකු වූ ඇසළ වීරකෝන් ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කරන බවයි වාර්තා වන්නේ. ඔහු හිටපු ජනපති ලේකම්වරයෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන්ගේ පුත්‍රයා වෙනවා.