මේ වන විට තම පක්ෂයේ නායකයා වන අනුර කුමාර දිසානායකගේ ජයග්රහණය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති බව එම පක්ෂයේ ජාතික විධායක කමිටු සභික බිමල් රත්නායක පවසනවා.
නව ජනපතිවරයාගේ ජයග්රහණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් නිල ප්රකාශයක් කරන තෙක් තමන් බලා සිටින බව පැවසූ රත්නායක මැතිවරණ ජිල්මාට් ගැන පැවසෙන දේ ගැන පවසන්නේ එවැන්නකට ඉඩක් නැති බවයි. මැතිවරණ කොමිසම සහ ත්රිවිධ හමුදා පොලිසිය නිවැරදිව රාජකාරිය කළ බවත් ඉදිරියටත් ඒ් ගැන විශ්වාසය තබන බවත් කියා සිටිනවා.
තම නායකයා ජනාධිපති ලෙස දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඇඳිරි නීතිය ඉවත් වූ පසුව ජයග්රහණය සාමකාමීව එය සමරණ ලෙස සියලු දෙනාගෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.