Sat. Jun 28th, 2025

ජනාධිපති ලේකම් ධුරයට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ඇසළ වීරකෝන් පත්කිරීමට යෝජනා වී ඇති බව විශේෂ ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

සාක් (SAARC) සංවිධානයේ හිටපු මහලේකම්වරයකු ද වන ඇසළ වීරකෝන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයකම ලේකම් ධුර දැරූ අයෙක්.

එමෙන්ම ඔහු මෙරට අගමැතිවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ලේකම්වරයකු වශයෙන් සේවය කළ බ්‍රැඩ්මන් වීරකෝන්ගේ පුත්‍රයා ද වෙනවා.

ඇසළ වීරකෝන් ජනාධිපති ලේකම් තනතුර සඳහා ඉතාම සුදුස්සෙකු බව ජාජබ ඉහළ මට්ටමේ සාකච්ඡාවලදී පිළිගැනීමට ලක්ව ඇති බවයි ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වූයේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *