රාජපක්ෂ දේශපාලනයේ බල කඳවුර ලෙස සැලකෙන මහින්ද රාජපක්ෂගේ උපන්ගම මැදමුලන අයත් වන මුල්කිරිගල ආසනය වැඩි ඡන්ද විශාල ගණනකින් අනුර දිසානායක ජයගෙන තිබෙනවා. එම ආසනයෙන් අනුර දිසානායක ඡන්ද 41086 ක් ලබා ගනිද්දී නාමල් රාජපක්ෂ ලබා ගෙන ඇත්තේ ඡන්ද 6250ක් පමණයි.
එසේ ම බෙලිඅත්ත ආසනයෙන් ද අනුර 34321ක් ඡන්ද ලබා ගනිද්දි නාමල් රාජපක්ෂට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 5385ක් පමණයි.
මෙම ප්‍රතිඵලය මගින් රාජපක්ෂ දේශපාලනයේ මළගම තීරණය වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.